ඔයාගේ වටිනා කොණ්ඩේ හොඳින් රැකබලා ගන්න නිවැරදි ක්‍රමය

බොහෝ දෙනා කියනවා – “අපි Chemical Treatment එකක් කරලා නෑ, නමුත් කොණ්ඩේ යනවා” කියලා. ඒකට හේතුවක් තියෙනවා. 👇

අපේ කොණ්ඩේ දිනපතා අහිතකර වෙන එකේ ප්‍රධාන හේතුවක් තමයි අපි භාවිතා කරන Shampoo සහ Conditioner. Chemical Treatment එකකට සමාන ප්‍රතිචාරයක් නොවුණත්, බොහෝ Shampoo වල තියෙන Chemical නිසා Hair Cuticle විවෘත වෙනවා. ඒ හේතුවෙන් කොණ්ඩේ අභ්‍යන්තරයේ තියෙන තෙතමනය ඉවත් වෙලා, කොණ්ඩේ ඩ්‍රයි වෙනවා. 🧴💨

අපේ හිසේ ස්වභාවික තෙල් (Sebum) ඉවත් වීමත් එක්ක කොණ්ඩේ තවත් වියළී යනවා. ඒ නිසා හැම වරම Shampoo කරන විට කොණ්ඩේට අඩු තරමක හානියක් සිදුවෙනවා.

එම Damage එක නැවත සකස් කරන්න, Conditioner එකක් භාවිතා කරන එක අනිවාර්යයි. Conditioner එක මඟින් විවෘත Cuticle නැවත Seal කරලා, කොණ්ඩේ තෙතමනය රඳවා ගැනීමට සහිතව වෙනස් කරනවා. 🌿✨


💧 Shampoo & Conditioner එක භාවිතා කරන නිවැරදි ක්‍රමය:

Shampoo එකෙන් පසු Conditioner එකක් දාන්න අනිවාර්යයි.
Shampoo එකක් භාවිතා කිරීමෙන් කොණ්ඩේට යම් හානියක් වෙනවා. ඒ නිසා Conditioner එකෙන් ඒ හානිය අවම කරලා Hair එක යථා තත්ත්වයට පත් කරනවා.

Shampoo එකට වඩා Conditioner එක වැඩි ප්‍රමාණයකින් භාවිතා කරන්න.
ඔබ Shampoo 100ml භාවිතා කරනවා නම්, Conditioner එක 300ml වත් තිබීම හොඳයි. Conditioner එක Hair එකේ සෑම කොටසකටම වැටෙන්න ඕන.

Conditioner එක සම්පූර්ණයෙන්ම හෝදන්න එපා.
සම්පූර්ණයෙන් හෝදන විට ප්‍රතිඵලය අඩු වෙනවා. Conditioner එකෙන් 20%ක් පමණ හෝදලා, 80%ක් කොණ්ඩේ තියෙන්න දීම හොඳ ප්‍රතිඵල ලබාදෙනවා.

Shampoo එක Direct කොණ්ඩේට දාන්න එපා.
Shampoo එක පොඩ්ඩක් වතුරට කලවම් කරලා පෙනලා වගේ කරන්න. එවිට Shampoo එකේ සාන්ද්‍රණය අඩුවෙලා Damage එක අඩු වෙනවා.

Shampoo එක හිසට තප්පර 30ක් පමණ තබාගෙන හොඳට හෝදන්න.
Shampoo එක හෝදන විට Hair එක දිගේ ගලාගෙන යන විදිහට පිරිසිදුව rinse කරන්න.


🧴 Hair Oil භාවිතා කරන විදිහ:

Oil ගැවෙන්න ඕනේ Scalp එකට, කොණ්ඩේට නෙමෙයි.
කොණ්ඩේට තෙල් ගෑවොත් ඒක උරාගන්නෙ නැහැ. Scalp එකට ගැවුවොත් පෝෂණය උරාගනී.
කොණ්ඩේට තෙල් ගෑවොත් Shampoo එකෙන් එය ඉවත් කිරීමට වැඩි වෙලාවක් ගන්න වෙන නිසා Damage වෙනවා.

Oil ගෑවෙන්න ඇඟිලි තුඩුවලින් massage කරන්න.
එකෙන් හිසට රුධිර සංසරණය වැඩි වෙනවා, කොණ්ඩේ වර්ධනයටත් හොඳයි.


💆‍♀️ Hair Care Tips:

Natural Comb එකක් භාවිතා කරන්න.
පානව ලී හෝ පොල්කටු වලින් හදපු පනාවක් භාවිතා කරලා නිතර කොණ්ඩේ පිරවන්න.
එකෙන් Cuticle විවෘත නොවී, කොණ්ඩේ හානි නොවී, ස්වභාවික රූපලාවණ්‍යය රඳාගන්න පුළුවන්.


📌 සාරාංශය:

  • Shampoo එකෙන් පසු Conditioner එකක් භාවිතා කරන්න.

  • Conditioner එක හෝදලා ඉවත් කරන්න එපා – තෙතමනය රඳවා ගන්න.

  • Shampoo එක වතුරට කලවම් කරලා භාවිතා කරන්න.

  • Oil ගැවෙන්න Scalp එකට පමණක්.

  • නිතර Massage සහ Natural Comb එකක් භාවිතා කරන්න.

ඔයාගේ කොණ්ඩේ නිතරම Soft, Smooth & Healthy තත්ත්වයේ තබාගන්න මේ ටිප්ස් අනුගමනය කරන්න! 🌹✨

Post a Comment (0)
Previous Post Next Post