ගැස්ට්‍රයිටිස් වලට හිතකර ආහාරපාන..

ගැස්ට්‍රයිටිස් වලට හිතකර ආහාරපාන...

  ගැස්ට්‍රයිටිස් රෝගියෙකුට පරිභෝජනයට ගතහැකි එළවළු සහ පලා වර්ග ඇතුලත් ආහාර පාන ලැයිස්තුව..( මීට අමතරව මෙහි සරල ප්‍රතිකාර පන්තීන්ද ඇතුළත් වේ.)

   ප්‍රධාන වශයෙන් ගැස්ට්‍රයිටිස් හෙවත් අම්ල පිත්ත රෝගය ඌර්ධවගත අම්ල පිත්තය හා අධෝගත අම්ල පිත්තය වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.

🔥 ඌර්ධවගත අම්ල පිත්ත රෝගයේ දී නිල්, කළු හෝ කහ පැහැයට එසේ නැතහොත් රතු පැහැයට වමනය ඇති කරවනවා.

🔥 අධෝගත අම්ල පිත්තයේ දී නම් ශරීරයේ දැවිලි ගතිය, අධික පිපාසය, කල්පනාව මඳ බව, ආහාර රුචිය හීන වීම, ශරීරයේ රතු ලප මතු වීම, අධික ලෙස උදරයේ දැවිල්ල, දහඩිය දැමීම, ශරීරයේ වර්ණය කහ පැහයට හුරු වීම ආදී බොහෝ වෙනස්කම් සිදුවෙනවා.

   අජීරණාබාධ, බඩ පිපීම, හිසරදය, පෙකණිය යට කැක්කුම, ආමාශයේ තුවාල ඇති වීම, අර්ශස්, අධික කැසීම සහිත සමේ රෝග, වේදනාව, ඉදිමුම, උගුර තොල කට වේළීම, ගනු ලබන ආහාර හරි හැටි නොදිරවීම, කාන්තා පක්ෂයට නම් විවිධ ගර්භාෂගත රෝග ද පොදු වශයෙන් මෙම අම්ල පිත්තය හෙවත් ගැස්ට්‍රයිටිස් රෝගයේ දී ඇති කරනු ලබනවා.

අම්ල පිත්ත රෝගියාගේ ආහාර පාන දිරවීමට පහසු විය යුතු මෙන්ම සෞම්‍යද විය යුතුයි. 

🔴 ගැස්ට්‍රයිටිස් රෝගියෙකුට ගත හැකි ආහාර පාන වර්ග :-

• කරවිල

• තිත්ත තිත්බටු

• තුඹ කරවිල

• ලුණුවිල

• තම්පලා 

• ගොටුකොළ

• ඉරමුසු

• හාතවාරිය අල

• කිරිකොළ

• සිසිල් ගුණැති ළපටි පලා වර්ග

• රසකිඳ කොළ

• දියමිත්ත කොළ

• කෝවක්කා කොළ

• කීකිරිඳිය පලා

• කෝමාරිකා මද

• අළු පුහුල් ශාකයේ සියලුම කොටස්

• පිටි අඩු වට්ටක්කා 

• නොමේරූ කැකිරි

• පිපිඤ්ඤා 

• පතෝල 

• වැටකොළු 

• කොහිල

• නෙළුම් අල ආදී දියෙහි හටගන්නා ශාක වර්ග

• ඖෂධීය ඔසු පැන්

• සව් කැඳ

• පොල්පලා 

• කොත්තමල්ලි 

• කස කසා ඇට ( සවස් කාලයේදී වතුර ලීටර භාගයක් පමණ භාජනයකට ගෙන කස කසා ඇට තේ හැන්දක ප්‍රමාණයක් දමා භාජනය වසා තබා පසුදා උදෑසන හිස්බඩට බොන්න.)

• සූදුරු, මුං ඇට, ඉඟිනි ඇට ආදිය කබලෙන් බැද තම්බාගත් වතුර පානය කිරීම. (මේවා පානයෙන් දැවිල්ල පිපාසය සංසිඳෙයි.)

• උතුරා සිසිල් කළ නැවුම් මුට්ටියේ ජලය වැඩිපුර පානය කිරීම.

• උදය කාලයේ මුදවපු කිරි සමඟ මුං ඇට තැම්බූ වතුර කලවම් කර පානය කරන්න.

• දියබත්, පොල්කිරි කැඳ, කිතුල් පිටි කැඳ නිතර නිතර භාවිතයට ගන්න.

• අමු ඉඟුරු යුෂ මේස හැඳි 01 ක් සමඟ මී පැණි තේ හැඳි 01 ක් කලවම් කර කෑමට පෙර උදේ සහ සවස භාවිතා කරන්න. 

• කීකිරිඳිය යුෂ තේ හැඳි 03ක් කිරි සමඟ උදේට හිස්බඩට පානය කරන්න.

• අත්තික්කා පොතු චූර්ණය තේ හැඳි 1/2ක් බටර් සමඟ අනා උදේ සවස පරිභෝජනය කරන්න.

සැකසුම :- හෙළ අරණ 

Post a Comment (0)
Previous Post Next Post