සෝයා විසි එක්වැනි සියවසේ සුපිරි ආහාරය ලෙස හැඳින්වෙයි. නිමාංශිකයන්ට අවශ්‍ය ප්‍රෝටීන ප්‍රමාණය සපුරා ගන්නට මෙමගින් ලැබෙන අවස්ථාවත් එයට රුධිර ගතකොලෙස්ටරෝල් මට්ටම අඩු කරන්නට ඇති හැකියාවන් පසුගිය දශක දෙක තුන ඇතුළතබෙහෙවින්ම ප්‍රශංසාවට ලක්වුණා. ආසියාවේ සෝයා සම්බන්ධයෙන් මහත් පුනරුදයක් ඇති වුණු අතර මේ හා සබැඳි නිෂ්පාදන රාශියක් ඒත් සමගම වෙළඳ පොළට පැමිණුනා. ඒත් දිගින් දිගටම සෝයා වලට ස්වකීය කීර්ති නාමය පවත්වා ගැනීමට වාසනාවක් නෑ දැන්, දැන් පෝෂණවේදීන් සෝයා ආහාර බරපතල ලෙස ප්‍රශ්න කරනවා. මේ සම්බන්ධයෙන් ජගත් ව්‍යාප්ත සංවාදයක් පැවතුණත් ලාංකේය අප මේ සම්බන්ධයෙන් දැනුවත් නෑ, සෝයා සම්බන්ධයෙන් මෙකල පවතින විද්වත් කතිකාවන් ඇසුරේ ඔබේ දැණුම වපසරිය පුළුල් කිරීම අපේ මේ ලිපියේ එක් අරමුණක්.
දැන් තියෙන්නෙ ජාන වෙනස් කරපු සෝයා සෝයා ආහාර උපන්බිම පෙරදිග ආසියාවයි. ඒත් ලෝකයේ වත්මන් සෝයා අස්වැන්නෙන් වැඩි හරියකට උරුම කියන්නේ ඇමෙරිකාවයි. ඉස්සර නිෂ්පාදනය කළ සෝයාත් දැන් වචන සෝයාත් අතර ප්‍රධාන වෙනස් කමක් තිබෙනවා. අද අප ආහාරයට ගන්නා සෝයා වලින් සියයට 90 කටක් වැඩි ප්‍රමාණයක් ජාන වෙනස් කර වචන ලද සෝයායි. එසේම මේ සෝයා වලට රවුන්ඞ් අප් නමැති වල්නාශකය නිශ්චිත වශයෙන්ම යොදනවා. රවුන්ඞ් අප් වකුගඩු රෝගී කරන ප්‍රබල වල් නාශකයක්. එය පසුගියදා අපේ රටේ තහනම් කළා.
මිලෙන් අඩු නිසා සෝයා ආහාර කර්මාන්තයක් වශයෙන් ලෝකයේ ජනප්‍රිය වුණා, සියල්ල සිදුවුණේ ඊට පස්සෙ...?
සෝයා ඇට වලින් ගන්නා මූලික නිෂ්පාදනය සෝයා තෙල්ය. තෙල් ලබාගත් පසු ඉතිරි වන රොඩ්ඩ සෝයා ආහාර සැකසුමට යොදාගනියි. සෝයා මිලෙන් අඩුය. එසේම ආහාර සැකසීමේදී ඒවායේ ප්‍රශස්ත නිෂ්පාදන පහසුකම් ඇති වේ. මේ අනුව සෝයා ආහාර බෙහෙවින් ජනප්‍රියය. සෝයා වලින් ළදරු ආහාර ද සැළකිය යුතු ප්‍රමාණයක් නිපදවයි.
සෝයා වල පෝෂණීය ගුණය
සෝයා 100g ක ශක්තිය කැලරි 100g ක් තිබේ. මේදය 99 ක්ද - කාබෝහයිඩ්‍රේට 10g ක්ද ප්‍රෝටීන 17g ක්ද අඩංගුය. මෙහි ඇති ප්‍රෝටීන මස්වල - බිත්තර වල ඇති ප්‍රෝටීන තරමට පෝෂණීය නොවේ. එහෙත් අන් කවර ශාක ප්‍රෝටීනයකටත් වඩා සෝයා ප්‍රෝටීන පෝෂ්‍ය ගුණයෙන් ඉහළය. හැබැයි මේදය සැළකූ කළ. මෙහි ඇත්තේ බහු අසංතෘප්ත මේදයයි. එම නිසා සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් අගයන අයට එතරම් සුදුසු නොවේ.
සුපිරි ආහාරයකැයි බෞතිස්ම ලැබූ සෝයා වල චරිත සහතිකයට කළු පැල්ලමක් එකතු වුයේ ඇයි?
ශරීරයට කෘත්‍රීමව ලිංගික හෝමෝන බෙදා හරින පයිටො ඊස්ට්‍රජන වැඩි වශයෙන්ම අඩංගු ආහාරය සෝයා වෙයි. පයිටොඊස්ට්‍රජන යනු අප ශරීරයේ තිබෙන ඊස්ට්‍රජන් හෝමෝනයමයි. සෝයා වල වෙනසකට ඇත්තේ එකී ප්‍රෝටීන සම්භවයකින් යුක්ත වීමයි. පසුගිය කාලය පුරාවටම අසන්නට ලැබුණේ පයිටොඊස්ට්‍රජන වල ගුණ ගැනය. නමුත් ඒ පර්යේෂණ වලට මුදල් වියදම් කළේ කවුද? සෝයා කර්මාන්තයෙන් අධික ලාභ ලැබූ ව්‍යාපාරිකයන්ය.බාහිරින් මෙවන් හෝමෝන වලට සමාන රසායනයක් ලැබුණු විට ශරීරය එයට ප්‍රතිචාර දක්වයි. ලිංගික හෝමෝන කෘත්‍රීමව ලැබීම නිසා ස්වාභාවික ශරීර ගත හෝමෝන ක්‍රියාකාරීත්වයට ඇති කරන බලපෑම අති විශාලය. ඊස්ට්‍රජන් හෝමෝනය අධිකව ක්‍රියාත්මක වීමේ ප්‍රතිඵළයක් ලෙස ඇතිවන රෝග අතර පියයුරු පිළිකා, එන්ඩොමෙටි‍්‍රයෝසියාව, ෆයි බ්‍රොයිඩ, දරුවන් නැතිකම මෙන්ම ලිංගික බෙලහීනතාවය මූලික වෙයි. දරුවන් සඳහාද සෝයා නිෂ්පාදන අද අලෙවි කෙරේ.සෝයා වට්ටෝරුවකින් සමන්විත ආහාර වේලක් ගැනීමේදී මේ නොදරුවාටද උපත් පාලන පෙති හතරක හෝමෝන ශරීරගත වන බව පර්යේෂකයන් කණ්ඩායමක් ප්‍රකාශ කළේය. අද කාලයේ ඇතැම් දරුවන් වයස අවුරුදු හතේ අටේදී වැඩිවිය පත් වීමට මේ බලෙන් පැටවූ සෝයා ආහාර සිරිතද එක් චූදිතයෙකි.
සෝයා ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය විනාශයට පත් කරයි තයිරොයිඩ් ග්‍රන්ථිය මගින් සිදු කරන අයඩින් සමායෝජනය අඩාල කරන ආහාර .ගොයිට්‍රො ජිනික ආහාර. ලෙස හඳුන්වමු. තයිරොයිඞ් හෝමෝන ඝ්‍රාවයට අහිතකර බලපෑම් ඇති කරන ගොයිට්‍රොජිනික ආහාර රැුසක් මේ වන විට හඳුනාගෙන තිබේ. ඒ සියල්ලෙන්ම රජු ලෙස සැළකෙන්නේ සෝයා ආහාරයි.සෝයා ආහාර මගින් තයිරොයිඩ් ග්‍රන්ථියේ ක්‍රියාකාරිත්වයට විශාල බලපෑමක් කරන බව පසුගියදා මාධ්‍ය මගින් ඉමහත් ප්‍රසිද්ධියට පත්වූයේ සෝයා නිෂ්පාදන මහත් අභිරුචියෙන් ආහාරයට ගත් ඇමෙරිකාවේ ඔප්රා වින්ෆ්‍රිට සිදු වූ අකර තැබ්බයක් හේතුවෙනි. නිලියක්. රූපවාහිනී නිවේදිකාවක් වශයෙන් දැවැන්ත මාධ්‍ය භූමිකාවකට පන පෙවූ ඔප්රා වින්ෆ් හිටි අඩියේ චප්පදෝරු ශරීරයකට හිමිකම් පෑවාය. ඇගේ ජීව ශක්තිය කෙමෙන් අඩුවන බවක් මෙන්ම මනෝභාවයන්හී පිරිහීමක්ද ඇති වන බව ඇයට හැගී ගිය නිසා ඇය වෛද්‍ය පරීක්ෂණ වලට ලක්වීමේදී අයඩින් හිගතාවය නිසා ඇතිවන හයිපොතයිරොඩිසම් රෝගයට ඇය ලක් වී ඇති බව වෛද්‍යවරුන් සොයාගන්නා ලදී. මෙයට බලපෑ ආසන්න හේතුව ලෙස ඇගේ සෝයා ආශක්තතාවය බව හෙළිදරව් වීමත් සමගම සෝයා ආහාර සම්බන්ධයෙන් විශාල ප්‍රතිරෝධයක්ද බටහිර රටවල ඇති විය.
එන්සයිම අවශෝෂණය අඩාල කරන පයිටේට
ධාන්‍ය හා රනිල කුලයේ ආහාර වල තිබේ. සෝයා වල මේවා විශාල වශයෙන් තිබේ. පයිටේට මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය දුර්වල කරයි. අනෙකුත් ආහාර වල මේ ක්‍රියාවලිය සිදුවන්නේ නොගිනිය හැකි ප්‍රමාණයකිනි. නමුත් පයිටේට වල අධි සාන්ද්‍රණයක් ඇති නිසා සෝයා ආහාර මගින් ශරීරයේ ඛණිජ අවශෝෂණය සැළකිය මට්ඨමකින් ප්‍රමාණයකින් දුර්වල කරන බව හෙළිදරව් වී තිබේ. මෙයින් මිදීමට ක්‍රමයක් තිබේ. සෝයා ආහාරයට ගැනීමට පෙර පැසවීමකට ලක් කළ යුතුය.
ට්‍රි රප්සීන් නිසා ආහාර ජීර්ණයට බාධා පැමිණෙයි
ට්‍රිරප්සින් යනු ජීර්ණක එන්සයිමයකි. ට්‍රිප්සින් නැති විට නියමිත පරිදි ශරීරයේ ආහාර ජීර්ණයක් සිදු වන්නේ නැත. එවිට පාචනය.. කෙණ්ඩා පෙරළීම්.. රුධිර වහන ආදිය ඇති වේ. සෝයා ටි‍්‍රප්සීන් වල ක්‍රියාකාරීත්වය අඩාල කරන බවට හෙළිදරව් වී තිබේ. එයින් සමස්තජීර්ණක ක්‍රියාවලියට බාධා පැමිණේ. මේ නිසා අග්න්‍යාශයේ රෝග ඇති වීමට ඇති අවකාශ ඉහළ යයි.
මේ හැරුණු විට සෝයා සතුව ඇති පහත දැක්වෙන අවගුණයන්ද පර්යේෂණාත්මකව සනාථ වී තිබේ.සෝයා වල ඇති විටමින් බී ප්‍රතිසම අවශෝෂණයක් සිදු නොවේ. සමස්ත ප්‍රතිඵලය වන්නේ ශරීරයේ බී 12 විටමින ඌණතාවයක් ඇති වීමයි.සෝයා ආහාර නිසා ශරීරයේ විටමින් ඞී අවශ්‍යතාවය ඉහළ නැංවෙයි.සෝයා ආහාර සැකසීමේදී විෂකාරක ලයිසි නොඇලනින් හා අධි පිළිකාකාරක මෙන්ම නයිට්‍රොසො ඇමීන් උත්පාදනය වෙයි. ඔබ දැනටමත් හානිකර යයි සළකන නිදහස් ග්ලූටමික් අම්ලයද සෝයා ආහාර නිෂ්පාදනයේදී උත්පාදනය වෙයි. සෝයා වල ඇති අමු රසය නැති කිරීමට සැකසූ ආහාර වලට මේවා කෘත්‍රිමව එකතු කිරීමක්ද සිදුවේ.සෝයා වල අධික ලෙස ඇළුමිනියම් ඇත. මේවා ස්නායු පද්ධතියටත්. වකුගඩු වලටත් හානිකර බව අමුතුවෙන් කිවයුතු නොවේ.සෝයා සම්බන්ධයෙන් සමාජයේ ඇති වැරදි විශ්වාසසෝයා ආහාර සම්බන්ධයෙන් වැරදි විශ්වාස විශාල සංඛ්‍යාවක් සමාජගත වී තිබේ. අප ඒවායේ සත්‍ය අසත්‍ය භාවය විමසමු.
සෝයා වසර දහස් ගණනාවක් පැරණි ආහාරය කිසෝයා මුලින්ම ආහාරයට ගත්තේ චීනයේ ක්‍රි.පූ. 1134-246 සමයේ විසූ චොවු අධිරාජ්‍යයය. සෝයා අමුවෙන් ආහාරයට ගැනීම විෂ සහිතය. මේ නිසා සෝයා පැසීමට ලක් කිරීමෙන් (Fermentation) චීන වැසියෝ ඇතැම් ආහාර රසවත්ව නිෂ්පාදනය කළහ. ආසියානුවන් විශාල වශයෙන් සෝයා ආහාර අනුභව කරයි චීනයේත්, ජපානයෙත් යන දෙරටේම දෛනික සෝයා පරිභෝජනය එක් පුද්ගලයෙකුට තේ හැඳි දෙකකට වැඩි නොවේ. සමස්තයක් ලෙස ආසියානුවන් මෙය මාංශල ආහාර වලට ආදේශකයක් ලෙස ප්‍රයෝජනයට ගන්නේ නැත.
පැරණි සෝයා ආහාර තරමටම නූතන සෝයා ආහාර ද සෞඛ්‍ය සම්පන්නයි නූතන ආහාර සැකසීමේදී සිදු වන්නේ පැසීමට ලක් කිරීමෙන් එහි ඇති විෂ උදාසීන කිරීමයි. මෙහිදී ප්‍රෝටීන වල මුල් අණූක සැකැස්ම වෙනස් කිරීමක් සිදු වේ. එය සෞඛ්‍යයට හානිකරය. එසේම මේ ක්‍රියාවලියේදී විශාල පිළිකාකාරක ප්‍රමාණයක් ඊට එකතු වන්නේය.
සෝයා ආහාර වලින් සම්පූර්න ප්‍රෝටීන් අවශ්‍යතාවය සපිරෙයි එය වැරදි මතයකි. සියළුම රනිල භෝග වලට ඇති නොහැකියාව, එනම් ගෙන්දගම් සහිතඇමිනෝ අම්ලය නොමැති වීම. මිතියොනයින් හා සිස්ටින් යන සංඝටක ඌණතාවය මේ සෝයා ප්‍රෝටීන වල ද එලෙසමය. නූතන ආහාර නිෂ්පාදන ක්‍රියාවලිය තුළදී පහසුවෙන් බිඳෙන සුළු ලයිසින් විනාශ වීම තවත් බරපතල අඩුවකි. එවිට ලැබෙන්නේ බාගෙට ප්‍රෝටීන සැපයුමකි.
සෝයා පැසවීමට ලක් කිරීම නිසා විටමින බී 12 අවශ්‍යතාවය සම්පූර්ණ වන්නේය සෝයා වල තිබෙන මේ විටමින් බී 12 ශරීරය තුළ ප්‍රයෝජ්‍ය වන්නේ නැත. ඒ නිසා එම විටමින වල ඇති ගුණයක් නැත. මෙහිදී ඇත්තෙන්ම සිදු වන්නේ විටමින් බී 12 තිබුණාටත් වඩා අඩුවක් නිර්මාණය වීමයි.
සෝයා ආහාර වට්ටෝරු ළදරුවන්ට ඉතා පෝෂ්‍යදායකය
ට්‍රි රප්සින් නිෂේධක ආහාරයට ගැනීමෙන් මිටි බව ඇතිවන බව හා අග්න්‍යාශයේ ලෙඩ රෝග ඇති කරන බව සත්ත්ව අධ්‍යයන වලින් සනාථ වී තිබේ. දරුවෙකුට දත් හා අස්ථි වර්ධනයට විටමින් ඞී. තීරණාත්මක කාර්යක් ඉටු කරයි. දරුවන්ට සෝයා වට්ටෝරු ලබාදීමෙන් ශරීරයේ විටමින් ඞී අවශ්‍යතාවය ඉහළ නැංවන බව හඳුනාගෙන තිබේ. යකඩ හා තුත්තනාගම් බිළිඳු මොළයේ වර්ධනයට අවශ්‍ය වේ. සෝයා වල ඇති පයිටික් අම්ලය මේ යකඩ හා තුත්තනාගම් වල ක්‍රියාකාරීත්වය අඩාල කරන බව හෙළිදරව් වී තිබේ. මේ කාලයට දරුවන්ට කොලෙස්ටරෝල්ද අවශ්‍ය කරයි. සෝයා වල කොලෙස්ටරෝල් සංයුතිය අඩු පාඩු සහිතය. සෝයා වල ඇති පයිටොඊස්ට්‍රජන නිසා ඉතා අඩු වයසෙන් ලිංගික පරිණතියට දරුවන් පත්වීමේ ගැටළුව මේ ලිපියේම අන් තැනක අප කතා කළෙමු.
මේ සියළු කාරණා විමසීමේදී හයක් හතරක් නොතේරෙන දරුවන්ට සෝයා වට්ටෝරු නිතිපතා දීම කෙතරම් සුදුසුද යන්න නැවත සමාලෝචනය කිරීමට සිදු වේ.
සෝයා ආහාර ඔස්ටියෝ පොරෝසිස් වළක්වයි සෝයා ආහාර ගැනීම නිසා කැල්සියම් හා විටමින් ඞී යන පෝෂ්‍ය පදාර්ථ දෙකටම ගැටළු මතු වෙයි. මේ දෙකම අස්ථි සුවසෙත කෙරෙහී බෙහෙවින් වැදගත් වන බව ඔබද දන්නා කරුණකි. මේ නිසා සෝයා අස්ථි සවිමත් කිරීමට කිසිසේත් සම්මාදමක් වන්නේ නැත.
නූතන සෝයා ආහාර ගැනීමෙන් පිළිකා විශාල ප්‍රමාණයක් වැළඳීමෙන් ඔබව ආරක්ෂා කරයි මෙයද වැරදි මතයකි. බි‍්‍රතාන්‍ය රජය විශේෂ වාර්තාවක් නිකුත් කරමින් සෝයා ආහාර ගැනීමෙන් පිළිකා ඇති වීම වළකින බවට ඇති සාක්ෂි එතරම් සවිමත් නොවන බව පෙන්වා දෙයි. ඇත්තෙන්ම මේ ගැන ගැඹුරින් විමසන කළ පිළිකා ඇතිවන අවස්ථා වැඩි කිරීමට නම් සෝයා හේතු වන බවට විද්‍යාත්මක කරුණු බොහෝ තිබේ.
සෝයා ආහාර ඔබව හදවත් රෝග වලින් ආරක්ෂා කරයි
ලොව පුරා සිදු වූ අධ්‍යයන වලට අනූව සෝයා ආහාර ගැනීමෙන් ඇතැම් ජන කොටස් වල කොලෙස්ටරෝල් මට්ටම අඩු කරන බවට සාක්ෂි පවතී. එහෙත් සෝයා ප්‍රෝටීන වලින් හදවත් රෝග ඇති වීම මර්ධනය වන්නේද යන්න විමසිය යුත්තකි.
සෝයා ඊස්ට්‍රජන් ඔබට යහපතක් සිදු කරයි
සෝයා. නිර්නාල ග්‍රන්ථි අවහිරකයකි. ස්වාභාවික ශරීර හෝමෝන වල ක්‍රියාකාරීත්වයට මෙමගින් ඇති කරන්නේ බාධාවකි. ආහාර ප්‍රයෝජ්‍ය මට්ටමෙන් ගත් විට සෝයා ආහාර ගැනීමෙන් කාන්තාවන්ගේ ඩිම්බ මෝචනයට බාධා පැමිණෙයි. පිළිකා අවදානම ඉහළ නංවයි. එය මිසිද්ධීමා නොහොත් තයිරොයිඞ් ග්‍රන්ථියේ අයඩින් නිෂ්පාදනය අඩාල කිරීමේ වරදටද හේතු වෙයි.
සෝයා වල ඇති පයිටොඊස්ට්‍රජන මනස සුසර කරයි
මෑත කාලීන අධ්‍යනයකට අනූව කාන්තාවන්ගේ රුධිරයේ වැඩිම ඊස්ට්‍රජන් සංයුතියක් ඇති අවස්ථාවේදී ඔවුන් අඩුම ප්‍රජානන ක්‍රියාකාරත්වයක් ප්‍රකට කරන්නේය. ඇමෙරිකාවේ . ජපානයේ ටොෆු . ජනප්‍රිය ආහාරයකි. මේ සෝයා වලින් හදන ආහාරය අනුභවයෙන් පසුකාලීනව ඇල්ෂයිමර් රෝගයට ලක්වීමේ අවදානම ඉහළ නැංවෙන බව හඳුනාගෙන තිබේ.