කාලගුණ රතු නිවේදනයක්: "දිට්වා" සුළි කුණාටුවේ අවදානම!

 

🚨 කාලගුණ රතු නිවේදනයක්: "දිට්වා" සුළි කුණාටුවේ අවදානම! 🚨


බෙංගාල බොක්කේ හටගෙන ඇති නවතම කාලගුණ පද්ධතිය හේතුවෙන් ඉදිරි දින කිහිපය ශ්‍රී ලංකාවට ඉතා තීරණාත්මකයි. විශේෂයෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනතාව අවධානයෙන් සිටින්න.


⛈️ බලපෑම් එල්ල විය හැකි ප්‍රදේශ සහ දින: 🔻 අද (නොවැ. 26) සහ හෙට: අම්පාර, මඩකලපුව, වාලච්චේන (දැඩි වර්ෂාපතනයක් අපේක්ෂිතයි). 🔻 නොවැම්බර් 27 (සවස): ත්‍රිකුණාමලය, මුලතිව්. 🔻 නොවැම්බර් 28: යාපනය සහ මන්නාරම.


⚠️ විශේෂ අවවාදයයි: මෙතෙක් පැවති වියළි කාලගුණයෙන් පසුව ලැබෙන මෙම හදිසි මහ වැසි නිසා ක්ෂණික ගංවතුර සහ නායයෑම් ඇතිවීමේ දැඩි අවදානමක් ඇත.


ගංගා සහ ඇල දොළ අසල පහත් බිම්වල වෙසෙන ඔබ ජල මට්ටම ගැන විමසිලිමත් වන්න. ආරක්ෂිත පියවර අනුගමනය කරන්න. මෙම පණිවිඩය හැකිතාක් ෂෙයාර් කර දැනුවත් කරන්න.

Post a Comment (0)
Previous Post Next Post