අද දවසේ පවතින කාලගුණය හිතනවාට වඩා වෙනස්. ඒ නිසා ඔබත් මේ ගැන දැනුවත් වෙන එක වැදගත් වේවි.
එසේම ඉදිරි පැය කිහිපය තුළ පවතින කාලගුණය ගැනත් මේ වෙද්දී විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපය ඉදිරි පැය 30තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.
එම දෙපාර්තමේන්තුව දැනුම්දෙන්නේ, අද සිට නැවත දැනුම් දෙනතුරු දිවයින වටා මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි.
මේ අතර, පවතින වැසි තත්ත්වය හේතුවෙන් පස් කණ්ඩි කඩා වැටීම් ගල් පෙරළීම් ඇතුළු විවිධ ආපදා හේතුවෙන් දිවයින පුරා ප්‍රදේශ රැසක ජනතාවට දැඩි පීඩාවක් එල්ල වී තිබෙනවා.
දිවයිනට මේ දිනවල බලපා ඇති අධික වැසි සහිත කාලගුණයට හේතුවී තිබෙන්නේ ශ්‍රී ලංකාව ආශ්‍රිත නිරිතදිග බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින අඩුපීඩන කලාපයයි.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මේ වනවිට ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පවතින මෙම අඩු පීඩන කලාපයය ඉදිරි පැය 30 තුළ පීඩන අවපාතයක් දක්වා වර්ධනය විය හැකි බවයි.
ඒ අනුව දිවයිනේ වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක් ඉදිරි දින කිහිපයේදීත් බලාපොරොත්තු විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙම පද්ධතියේ බලපෑම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වැසි පතිත වුණා.
අධික වර්ෂාවත් සමග මෙරට ප්‍රධාන ජලාශ 73න් 23ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 18ක වාන් දමමින් පවතිනවා.
කොණ්ඩු වටුවාන ජලාශය අම්පාර කොණ්ඩු වටුවාන ප්‍රදේශයෙන් පිටවාන් දැමීමමත් සමග අම්පාර ඉගිනියාගල මාර්ගය ජලයෙන් යටව තිබුණා. මේ හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතුවලට දැඩි බලපෑම් එල්ල වී තිබෙනවා.
මේ අතර අලිකොටආර ජාලශයේ වාන් දොරටු විවෘත කිරීමත් සමග වැල්ලවාය වේවැල්කදුර මාර්ගය ජලයෙන් යට වී ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා.
වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ ලබන 30 වැනිදා දක්වා වර්ෂාපතනයත් සමග ක්ෂණික ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි.
එවන් පසුබිමක කලු, ගිං නිල්වලා ඇතුළු ගංගා කිහිපයක ජල මට්ටම් තවදුරටත් ඉහළ යමින් පවතිනවා.
මේ අතර දෙනියාය මොරවක පිටබැද්දර හා අකුරැස්ස ප්‍රදේශවලට ඇද ඇළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගග පිටාර ගලමින් පවතින අතර ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ කඹුරුපිටිය තිහගොඩ හා මාතර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලටයි.
මේ අතර පවතින අයහපත් කාලගුණයත් සමග මහනුවර උඩුදුම්බර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට සහ නුවරඑළිය වලපනේ, මතුරට, නිල්දණ්ඩාහින්න සහ හඟුරන්කෙත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වෙත නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා.
මීට අමතරව දිස්ත්‍රික්ක 12ක් සඳහා අදියර 1 සහ 2 යටතේ නිකුත් කර ඇති නායයාමේ අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා.
මේ අතර පවතින පීඩන අවපාතයේ බලපෑම හේතුවෙන් නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වලත්, පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර් 150ක පමණ ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පලකරනවා.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශද විටින් විට රළු හෝ ඉතා රළු විය හැකි අතර පුත්තලම සිට ගාල්ල, හම්බන්තොට, මඩකලපුව, සහ ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල මුහුදු රළ උස මීටර් 25ක් 30ක් පමණ ඉහළ යාමේ හැකියාව පවතින බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
අද සිට නැවත දැනුම් දෙන තුරු දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවුක කටයුතුවලින් වැළකී සිටින ලෙසයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ.
මේ වනවිට එම ප්‍රදේශවල ධීවර කටයුතුවල යෙදී සිටී නම් එම මුහුදු ප්‍රදේශවලින් ඉවත් වන ලෙසද එම දෙපාර්තමේන්තුව අනතුරු අඟවනවා.