ඉඩමක පාද බෙදීම 🏞️
_________________
මෙහිදී ඉඩම කොටස් හතරකට වෙන්වෙයි
එම කොටස්
1 ප්‍රේත පාදය
2 මනුශ්‍ය පාදය
3 දේව පාදය
4,බ්‍රහ්ම පාදය ලෙස හදුන්වයි,
නිවසක් හදන්න සුදුසු මේ කොටස් වලින් මනුශ්‍ය පාදයේයි,දේව පාදය ඊටත් වඩා සුදුසුය
ප්‍රේත පාදයේ සුදුසු නොවෙයි,නිවස හදන විට බ්‍රහ්ම පාදය අසුවේනම් එම කොටස පීඩාවට ලක් නොවී තිබිය යුතුයි
මෙම බ්‍රහ්ම පාදයේ ප්‍රමානය ඉඩමේ ප්‍රමානය අනුව තීරනය වෙයි
නිවසේ මධ්‍ය ලක්ශය හා මෙම කොටස එකට ඒම අසුබයි
නාගරික කුඩා ඉඩම් වල පාද බෙදීම,???
නමුත් අසුබතාවයන් මගහරිමින් කුඩා ඉඩම්ව
දෝස අවම කර නිවාස නිමකර තිබෙයි
පාද බෙදීමේ පහසුවට වට මායිම සරල රේඛීයව තිබෙන ඉඩම් ක්‍රමවත් ඉඩම් ලෙසත් (හතරස් ඉඩම්) වට මායිම විශම ලෙස තිබෙන අක්‍රමවත් ඉඩම් ලෙසත් ගෙන පාද බෙදයි,
මෙහිදී ක්‍රමවත් ඉඩමක එක් තීරුවක් හතකට බෙදනව,ඉඩමෙ ප්‍රමානය අනුව සමාන කොටස් වලට බෙදන්න ,මේ ආකාරයට පැති හතරම බෙදන්න ,මෙහෙම හතර පත්තම තීරුවලට බෙදුවහම ඔබට දකින්න පුලුවන්
කොටු 49ක්
ඉඩමේ මායිමට සම්බන්ද කොටසට ,කොටු 24ක් සහිත තීරුවක් ඉඩම වටේටම ඔබට පෙනේවි
ඒක ප්‍රේත පාදයයි
ප්‍රේත කොටසට සම්බන්දව ඉඩම අතුලට වෙන්න තියෙන තීරුවටකොටු16 කින්
සමන්විත තීරුවක් වෙයි
එය මනුශ්‍ය පාදයයි
මනුශ්‍ය පාදයට සම්බන්දව ඉඩම අතුලට වෙන්න කොටු අටකින් යුත් තීරුවකි
එය දේව පාදයයි
අන්තිමට එක කොටුවක් ඉතිරි වෙයි එය ඉඩමේ
බ්‍රහ්ම පාදයි,
ඉඩමක ප්‍රායෝගිකව පාද බෙදන ආකාරය සරලව ඊලග පාඩමෙන්
❗ඔබේ අවබෝදයට,
නිවසක ගෙවත්තේ
💠 රතු කෝමාරිකා
💠 රතු අන්නාසි
💠 රත් කෙසෙල්
වගා කිරීම අසුබයි මතයක් තිබේ
හේතුව යම් අයෙක් ඉහත සදහන් ශාකයක් ඇති නිවසකට හූනියමක් කලොත් එකී හූනියමේ බලය එකී නිවසට ඉක්මනින් ආකර්ශනය කරගනීමේ බලය නිසා යන්නයි...