ඔයත් ඇදුම හතිය තියෙන කෙනෙක් නම් මේක දැන්ම කියවන්න

💚ඇදුමට හතියට බෙහෙත් ගෙදරදීම හදා ගනිමු

ඉතා දරුණුවට පැතිර යමින් පවත්නා ශ්වසන රෝග අතර ඇදුම සහ පපුවේ මහන්සියට ලැබෙන්නේ මුල් තැනක්‌. ඇදුම රෝගය නිදන්ගත රෝගයක්‌ වන අතර පපුවේ මහන්සිය විටින් විට මතුවී යට යනවා. පාඨකයන් කිහිප දෙනෙකුගේ ඉල්ලීම මත මේ රෝග තත්ත්වයන් දෙක ගැනයි දීඝායු අප අද කතා කරන්නට සූදානම් වෙන්නේ.

පළමුවෙන්ම කිවයුතුයි ඇදුම හා හතිය නිදන්ගත වුණත් තාවකාලික වුණත් එය සුවපත් කරන්නට දේශිය ප්‍රතිකාරවලට පුළුවන්. බටහිර විද්‍යාත්මක මතයට අනුව ඇදුම හා පපුවේ මහන්සිය කියන්නේ අසාත්මික තත්ත්වයන්. එය සුවපත් කරන්නට බැරි බවත් කළමනාකරණය කරගත හැකි බවත් රෝගය හටගැනීමට හා උත්සන්න වීමට පෙර ඖෂධ ගත හැකිනම් පමණක්‌ පාලනය කළ හැකි බවත් ඔවුන් කියනවා. අපේ වෛද්‍ය ක්‍රමය මගින් කියන්නේ ආමාශය තුළ කප දොaෂය ඉස්‌මතු වීම නිසා ඇදුම හා හතිය හටගන්නා බව. එතැන් සිට එය පෙනහලු, ශ්වාසනාලය සහ ක්‌ලෝමවලට ගමන් කරනවා. එවිට හුස්‌ම ගැනීම අපහසු වෙනවා. පපුවේ තද ගතියක්‌ දැනෙනවා. අධික කැස්‌සක්‌ හටගන්නවා.

අප හැම විටම උපදෙස්‌ දෙන්නේ තාවකාලික ප්‍රතිකාරවලට යන්නෙ නැතිව රෝගය නිට්‌ටාවට සුව කරන ක්‍රමවේදයකට යන්න කියලයි. ඒත් අප මේ අවස්‌ථාවේදී තාවකාලික ප්‍රතිකාර නොදුන්නොත් පාඨකයා තුළ අප ගැන නොමනාපයක්‌ ඇති වෙනවා.  ඒ නිසා තාවකාලික බෙහෙත් කිහිපයක්‌ කියන්නම්.

🍀🍀අමු ඉඟුරු ග්‍රෑම් 15 ක පමණ කැබැල්ලක්‌ සහ සුදු ලූනු බික්‌ තුනක්‌ ගෙන හොඳින් තලා එය උතුරන වතුර කෝප්පයකට දමා සීනි ස්‌වල්පයක්‌ කලවම් කර (දියවැඩියා රෝගීන් සීනි නැතිව මෙය පානය කළ යුතුයි.) මද රස්‌නය සහිතව පානය කිරීමෙන් ශ්වාසනාලය සහ පෙනහලුවල තිබෙන ගර්ත පිරිසිදු වී හුස්‌ම ගැනීමට පහසු වෙනවා.

🍀🍀 අමු ඉඟුරු හීනියට ලියා තේ හැන්දක ප්‍රමාණයක්‌ කිරි වීදුරුවක ප්‍රමාණයකට මිශ්‍ර කර එය හොඳින් උතුරුවා ගන්න. එයට කහ කුඩු ඉතාම ටිකක්‌ (මහපට ඇඟිල්ලට සහ දබරැඟිල්ලට වරකට හසුවන ප්‍රමාණය) කලවම් කරන්න. මෙය මද රස්‌නය සහිතව දිනකට දෙවරක්‌ පානය කර ඇදුම රෝගයෙන් හටගන්නා පපුවේ තද ගතිය සහ හුස්‌ම ගැනීමේ අපහසුව නැතිකර ගන්න.

🍀🍀උතුරන වතුර කෝප්පයක ප්‍රමාණයට කුරුඳු කුඩු තේ හැන්දක්‌ එක්‌ කරන්න. එය පීරිසියකින් වසා විනාඩි 10 ක්‌ තබන්න. එයට මීපැණි තේ හැන්දක්‌ එක්‌කර මද රස්‌නයෙන් පානය කරන්න. මෙය දිනකට දෙවරක්‌ දිනපතා පානය කළ විට පපුවේ තද ගතිය සහ හුස්‌ම ගැනීමේ අපහසුව නැතිව යනවා.

🍀🍀ඉඟුරු කුඩු තේ හැඳි භාගයක්‌ සහ වැල් මී කුඩු තේ හැඳි භාගයක්‌ උතුරන වතුර කෝප්පයකට දමා තේ මෙන් පානය කිරීමත් සුදුසුයි.

🍀🍀හැම උදයකම මද රස්‌නයෙන් උණු වතුර ලීටරයක්‌ පානය කළ විට ඇඳුම හා හතිය ඇති රෝගීන්ට ඉතා හොඳ සහනයක්‌ ලබාගත හැකියි. මේ මගින් ශරීරයේ විෂ ස්‌වභාවය නැතිව යනවා. දවල් 12 ට පෙර මද රස්‌නය ඇති වතුර නෑම සහ සවස්‌ කාලයේදී නාසයට වාෂ්ප අල්ලා උඩට හුස්‌ම ගැනීම ඉතා සුදුසුයි. 

විශේෂයෙන්න ම කියන්නට ඔිනි,මෙහිදී අනුගමනය කළ යුතු සුවිශේෂී  ආහාර රටාවක්‌ තිබෙනවා. තද ඇඹුල් සහිත තක්‌කාලි, අච්චාරු, චට්‌නි වැනි ආහාරත් ගැඹුරු තෙලේ බැඳපු ආහාර සහ කල්තබා ගැනීමේ රසායනික ද්‍රව්‍ය සහ රසකාරක ද්‍රව්‍ය සහ රස කාරක අඩංගු ආහාර ද්‍රව්‍යයන්, මුදවපු කිරි, මෝරු, කව්පි, මුං ඇට, බෝංචි ඇට, චීස්‌ සහ අතිශය පැණි රස ආහාරත් ගැනීමෙන් රෝගියා වැලකී සිටිය යුතුයි. ඕනෑවට වඩා ඉදුනු කෙසෙල් අනුභව කරන්න එපා. නිතරම උණු වතුර පානය කරන්න. රාත්‍රියට සැහැල්ලු ආහාරයක්‌ වේලාසනින් ගන්න. රාත්‍රි ආහාර වේලක්‌ නින්දට යැමත් අතර පැයක පරතරයක්‌ තබන්න.

👉විශේෂ ඖෂධයක්‌  

🍀🍀පපුවේ මහන්සිය ඇති රෝගීන් පපුවේ මහන්සිය නැති කාලයේදී පහත සඳහන් ඖෂධ ගත් විට රෝගය වැළඳීමේ අවදානම අඩුවෙනවා. වියළි මිදි, රටඉඳි, අමු මිරිස්‌, වැල්මී යනාදිය අඹරා සෑම උදයකම කෑමට පසු එයින් තේ හැන්දක්‌ මීපැණි සමඟ ආහාරයට ගන්න. රාත්‍රියේදී තලන ලද සුදු ලූනු දමා ඉතිරවූ එළකිරි පානය කළ යුතුය.

සටහන: වෙෙද්‍ය චාන්දනී වික්‍රමාරච්චි 

Post a Comment (0)
Previous Post Next Post