🌿 ඔබ ඇමසන් වනාන්තරයෙ අතරමං වුනොත් දිවි ගලවා ගත හැකිද? 🐍
ඇමසන් වැසි වනාන්තරය එහෙමත් නැත්නම් හරිත අපාය විදිහට හඳුන්වන මෙය වනාන්තරයක් පමණක් නෙවෙයි. එය පෘථිවියේ භයානකම ස්ථානවලින් එකක් විදිහට සැලකෙනවා . උස ගස්, ඝන වැල් සහ නිමක් නැති කොළ පැහැති වනාන්තර මඟින් විවිධ තර්ජන සඟවනවා.. විෂ සහිත සර්පයන්ගේ සිට නිහඬව ලුහුබඳින ජගුවර් දක්වාත්, රුධිරය උරා බොන කෘමීන්ගේ සිට මාරාන්තික පරපෝෂිතයන් දක්වාත්, සෑම පියවරක්ම වනය පිළිබධ අවබෝධය නැති අයට මාරාන්තික වෙන්න පුළුවන්.
ඇමසන් වනය තුල අතරමං වීම මිනිත්තු කිහිපයකින් සිදුවෙන්න පුළුවන්.. වනයෙ ඝන වියන හිරු එළිය අවහිර කරමින් අඳුරු පරිසරයක් ඇති කරනවා. ඒ වගේම ගංගා අනපේක්ෂිත ලෙස ගමන් කරනවා. මාලිමා යන්ත්‍ර සහ GPS උපාංග පවා වනාන්තරයේ ඝන ආවරණය යටතේ අසාර්ථක වෙන්න පුළුවම්.. එක් වැරදි හැරීමකින් ඔබව අතරමං වී, තාපය, ආර්ද්‍රතාවය සහ විජලනයට පවා ලක් වෙන්න පුළුවන්.
මෙහි රෝග භයානක තර්ජනයක් වෙනවා.. මැලේරියාව, ඩෙංගු, ලීෂ්මේනියාසිස් වගේ රෝග විශාල මදුරුවන් සහ අනෙකුත් කෘමීන් විසින් පතුරුවනවා... ඒ වගේම නොදන්නා ජලය පානය කිරීම හෝ වැරදි ශාකයක් අනුභව කිරීම දරුණු රෝගාබාධ හෝ මරණයට හේතු වෙන්න පුලුවන්.. යම් ආසාදනයක් ඇති වූ විට පවා එය මාරාන්තික වෙන්න පුලුවන්.
එහෙත්, ආදිවාසී ගෝත්‍රිකයන් වසර දහස් ගණනක් මෙහි ජීවත් වී වනාන්තරය ගැන දැනුම ප්‍රගුණ කරලා තියෙනවා.. ඔවුන් භූමිය, සතුන්ගේ මාර්ග අනුගමනය කරනවා, ඒ වගේම ශබ්ද සහ සුවඳ අනුව ගමන් කරනවා.ඔවුන්ට වනාන්තරය නිවහන වුනත් පිටස්තරයින්ට එය උගුලක්.
මෙහි පැවැත්ම කියන්නෙ වනාන්තරය ගැන දැනුම විතරක් නෙවෙයි. එය නිරන්තර සුපරීක්ෂාකාරිත්වය ගැන අවධානයෙන් සිටිය යුතුයි. ආරක්ෂිත ජලය සොයා ගන්නේ කොහෙන්ද, විලෝපිකයන් වළක්වා ගන්නේ කෙසේද, ආර්ද්‍රතාවය තුළ ගින්නක් ඇති කරන්නේ කෙසේද සහ වෙනත් සතුන්ගේ හෝ ගෝත්රිකයින්ගේ අවධානය ආකර්ෂණය කර නොගෙන ගමන් කරන්නේ කෙසේද යන්න ඔබ දැන සිටිය යුතුයි.. ඇමසන් වනාන්තරය සෑම තත්පරයකම ඔබේ මනස, විඳදරාගැනීම සහ සහජ බුද්ධිය පරීක්ෂා කරනවා..
🌳 එක් වැරැද්දක් ඔබේ අවසානය වෙන්න පුළුවන් . දරුණු වනාන්තරයේ සමාවක් නැහැ. ඉතින් ඔබ ඇමසන් වනානතරයේ අමතරමං වුනොත් දිවිගලවා ගැනීමට ඇත්තේ ඉතාම අල්ප අවස්තාවක් පමණයි..