ක්ෂණික නූඩ්ල්ස් කියන්නේ අපි හැමෝම ගොඩක් ආසාවෙන් කන්න කැමති දෙයක්.
විශේෂයෙන්ම කුඩා දරුවන්ගේ ප්‍රධාන ආහාරයක් බවටත් අද වෙන කොට මේ ක්ෂණික නුඩ්ල්ස් පත්වෙලා ඉවරයි. විවිධ රස වලින් වෙළද පොළේ නියන මෙම ක්ෂණික නූඩ්ල්ස් වලට කුඩා දරුවන් වගේම කාර්ය බහුල වැඩිහිටියනුත් ගොඩදෙනෙක් අද වෙන කොට ඇබ්බැහි වෙලා ඉවරයි. අද මම කියන්න හදන්නේ ක්ෂණික නූඩ්ල්ස් වල ගොඩාක් අය නොදැකපු පැත්තක් ගැන.
සාමාන්‍ය නූඩිල්ස් වලින් ක්ෂණික නූඩ්ල්ස් වෙනස් වන ප්‍රධාන සාධකය තමයි ඒවාගෙ අඩංගු වෙන රස කාරක පැකට්. ක්ෂණික නුඩ්වල රස කාරක පැකට් 2 ක් හෝ කිහිපයක් අඩංගු වෙනවා. ක්ෂණික නූඩ්ල්ස් වල අලුත්ම සාමාජිකයා තමා කප් නුඩ්ල්ස් කියන්නේ. කාර්ය බහුල ගෘහණියන් බොහෝ වෙලාවට කුඩා පාසල් දරුවගේ කෑම පෙට්ටියට පිසින ලද ක්ෂණික නුඩ්ල්ස් පැකට් එකක් දාන්න පුරුදු වෙලා නියෙනනේ උදේට ගෘහණියන්ගේ කාර්ය බහුලත්වය නිසා වගේම කුඩා ලමුන් ක්ෂණික නුඩ්ල්ස් වලට දක්වන දැඩි කැමත්ත නිසා.
ක්ෂණික නූඩ්ල්ස් මේ තරමටම අපේ ජීවිත වලට සමීප වුන නිසා නොදැනුවත්වම අපිට සමීප වුන නරක ප්‍රතිඵලත් එමටයි. අද වෙන කොට විවිධ රට වල සිදුකල පර්යේෂණ වලින් අපි මේ තරම් සමීප කරගත්ත ක්ෂණික නුඩ්ල්ස් අපිට කොච්චර කරදර ගේනවද කියල ඔප්පු කරල තියනවා. පෝෂණ වේදීන් ක්ෂණික නූඩ්ල්ස් හදුන් වන්නේ බාල තත්වයේ ආහාරයක් (junk food) විදිහට. ඒකට හේතුව ක්ෂණික නුඩ්ල්ස් වල තියන අධික පිටි ගතිය, ලුණු ගතිය, නෙල් ගතිය සහ විවිධ ආකලන වර්ග (additives).
අපි ගන්න ක්ෂණික නුඩ්ල්ස් වලට අම්ල යාමක ( acid regulators), රස උන්දීපක (flavor enhances), ආහාර පරිරක්ෂක (preservatives), ප්‍රති කැටිකාරක (anticaking agents) වැනි කෘතිම ආකලන එකතු කරනවා. මෙම ආකලන බොහෝමයක සෝඩියම් අඩංගු වෙනවා.
ලංකාවේ වැඩිහිටි පුද්ගලයෙකුට දිනකට ගත හැකි උපරිම සෝඩියම් ප්‍රමාණය 2000 mg (එක තේ හැන්දක් ) වුනාට සමහර ක්ෂණික නූඩ්ල්ස් එක පැකට් එකක සෝඩියම් 2000 mg ට වඩා තියෙනවා. කප් නුඩ්ල්ස් වල තියන සුප් ගතිය නිසා ඒ වගේ තියන සෝඩියම් ප්‍රමාණය නූඩ්ල්ස් පැකට් වල තියන ප්‍රමාණයට වඩා වැඩියි. මේ විදිහට අධික ලෙස සෝඩියම් පරිභෝජනය කලාම අධි රුධිර පීඩනය, ආඝානය, වකුගඩු නරක් වීම සහ පිලිකා වගේ දරැණු රෝග වලට තියන අවදානම වැඩි වෙනවා. විශේෂයෙන්ම වකුගඩු වර්ධනය වෙමින් පවතින අවධියේ ඉන්න කුඩා ලමයින්ට වකුගඩු රෝග වැළදෙන්න ලොකුම හේතුවක් තමා මේ ක්ෂණික නූඩ්ල්ස්.
ක්ෂණික නූඩ්ල්ස් වල රැලි එකිනෙක ඇලෙන එක වැලක්වීමට වැක්ස් වර්ගයක් භාවිතා කරනවා. ඒ වැක්ස් තමා ක්ෂණික නූඩ්ල්ස් වලට උණු වතුර දැම්මාම තෙල් තට්ටුවක් පාවෙනවා වගේ අපිට පේන්නේ.ඒ වැක්ස් වර්ග ක්ෂණික නූඩ්ල්ස් හදන කොට උණු වතුර දැම්මාම උණු වතුරේ දියවෙලා අපේ ශරීරයට උරාගැනීමට ලේසි තත්වයකට පත්වෙනවා. මෙම වැක්ස් වර්ග අපේ ශරීරයට උරාගෙන අක්මාව සහ වකුගඩු වල තැන්පත්වෙලා එම අවයව වලට හානි කරනවා.
ක්ෂණික නූඩ්ල්ස්වල රස වැඩි කරන්න මෙනොසෝඩියම් ග්ලූටාමේට් (monosodium glutamate) නැතහොත් MSG බහුලව භාවිතා කරනවා. MSG වලින් කුකුලු මස් රස නූල්ස් වල රස වඩා කුකුලු මස් රස කරනවා. ඉස්සෝ රස ක්ෂණික නුඩිවල රස වඩා ඉස්සෝ රස කරනවා. ආහාර වලින් දීර්ඝ කාලීනව MSG ශරීරයට ලැබුනාම විවිධ ආසාද්මිකතා වලට, පපුව දැවිල්ලට, හිසරදය සෑදීමට, මතක ශක්තිය අඩුවෙන්න වගේම ක්ෂණික නූඩ්ල්ස් කෑවට පස්සේ අධික පිපාසයටත් හේතු වෙනවා. ලංකාවේ දැනට තියන නීතියට අනුව අවුරුදු 3ට අඩු ලමයි වෙනුවෙන් සකස් කරලතියන ආහාර වලට MSG දාන එක තහනම්. ඒ තරම් MSG දරුවන්ට අහිතකර වුනාට ලංකාවේ ගොඩක් අම්මලා තමන්ගේ දරුවට අවුරුද්දක් සම්පූර්ණ වුන ගමන් ක්ෂණික නූඩ්ල්ස් කවනවා. ඒ වගේම ලංකාවේ නීතිය අනුව වියලි නුඩ්ල්ස් වලට MSG දාන එක තහනම්. ඒ හින්ද තමයි නුඩ්ල්ස් පැකට් ඇතුලේ වෙනමම නියන රසකාරක පැකට් එකේ MSG අඩංගු වෙන්නේ.
කප් නූඩිල්ස් සෑදීමේදී උණු ජලය ප්ලාස්ටික් භාජනයට දැම්මහම ඒ තුනී ප්ලාස්ටික් භාජනයේ අඩංගු පිලිකා කාරක සංඝටක උණු ජලයේ දියවෙලා නුඩ්වලට මිශ්‍ර වෙනව කියල නිරීක්ෂණය කරල නියනවා. එම පිළිකා කාරක නිසා විශේෂයෙන්ම ආහාර ජීරණ පද්ධතිය අශ්‍රිතව පිළිකා ඇතිවීමේ අවධානම වැඩිවෙනවා. ආසියාවේ රටවල්වල ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය ගොඩක් වැඩී. ඒක නිසා ක්ෂණික නුඩ්ල්ස්වල අහිතකර බලපෑමත් අපේ රටවල් වලට ගොඩක් වැඩී. ඒ වගේම ක්ෂණික නුඩ්වල අහිතකර බලපෑම් වැඩිපුරම එල්ල වෙන්නේ කාන්තාවන්ට කියලත් විද්‍යාඥයින් සොයාගෙන නියනවා. ඔවුන් කියන විදිහට සතියකට දෙපාරක් හෝ ඊට වැඩි වාර ගානක් ක්ෂණික නූඩ්ල්ස් ආහාරයට ගැනීම හෘද රෝග සහ පිළිකා සදහා අවධානම් සාධකයක්.
ක්ෂණික නූඩ්ස්වල තියන තෙල් දීර්ඝ කාලයක් නරක් නොවි තියාගන්න එම තෙල් හයිඩ්‍රජනීකරනය කියන ක්‍රියාවලියට ලක්කරනවා. එම ක්‍රියාවලියේදී හැදෙන ට්‍රාන්ස් මේදය ශරීරයේ අහිතකර කොලෙස්ටරෝල් වැඩි කරන්න හේතු වෙනවා. මෙම තෙල් නිසා ක්ෂණික නුඩල්වල ශක්ති ප්‍රමානය අධික වෙලා දීර්ඝ කාලීන ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය තරබාරු වීමටද හේතු වෙනවා. ක්ෂණික නුඩ්ල්ස් වල නියන අධික ආහාර ආකලන ප්‍රමානය කුඩා ලමයින්ගේ ශරීර වල තැන්පත් වීම හින්දා, ක්ෂණික නූඩ්ල්ස් නිතර ආහාරයට ගන්න අවුරුදු 5ට අඩු කුඩා ළමයින්ගේ විටමින් සහ ඛනිජ ලවන උරාගැනීමේ හැකියාව අඩු වෙනවා කියලා තහවුරු වෙලා නියනවා. එය දරුවන්ගේ බුද්ධි වර්ධනය අඩාල වෙන්න වගේම ඇස් පෙනීම දුර්වල වීමට ද හේතු වෙනවා.
දැන් ඔබට තේරෙනවා ඇති අපි කොච්චර ආසාවෙන් ක්ෂණික නූඩ්ල්ස් කෑවත් ඒවා හරිම ලේසියෙන් පිළියෙල කරන්න පුලුවන් වුනත් ඒවගේ නියන භයානක ප්‍රතිපල අනි විශාලයි කියලා. ලංකාව වගේ දියුණු වෙමින් පවතින රටවල් වල ආහාර රටාව වේගයෙන් බටහිරකරනය වෙනවා. ඒක නිසා දවසින් දවස ක්ෂණික නූඩ්ල්ස් පරිභෝජනය වැඩි වෙනවා. ඒ කේ ප්‍රතිඵලය වෙන්නේ කුඩා දරුවන්ගේ පොෂණ මට්ටම සහ සෞඛ්‍යය මට්ටම පිරිහෙන එක. එහෙම වුනාම ඉස්සරහට අපේ රටේ පිලිකා රෝගීන්, දියවැඩියා රෝගීන්, හෘද රෝගීන් සහ තරබාරැ පුද්ගලයන්ගේ ගණන තව තවත් වැඩි වෙනවා. මේ භයානක තත්වය තේරැම් අරගෙන අපි උත්සාහ කරන්න ඔනේ මේ ක්ෂණික නුඩල්ස් කියන භායානක හතුරගෙන් ගැලවෙන්න.
ඒ සදහා පෝෂණ වේදින් ක්‍රම 2ක් යෝජනා කරල නියනවා.