උදේට නැගිටිනකොට යටි පතුල් රිදෙනවද? වේදනාකාරීද? එහෙනම් මෙන්න හේතු

 

අද ලෝක ජනගහනයෙන් වැඩි දෙනෙක් පිඩා විදින තවත් රෝගයක් පිලිබදව අද කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. plantar fasciitis ලෙස බටහිර වෙදකමේ හදුන්වන අතර වාත රෝගයක් ලෙසට සාමාන්‍ය විවහාරයේ බාවිත වෙනවා.

අපගේ කකුලේ යටිපතුල හා ඒ ආශ්‍රිතව වේදනාව ඇතිවීම මෙම රෝගයේ ප්‍රධාන ලක්ෂණයයි උදැසන අවදි වී ඇවිදිමට අඩිය තබන විට අධික වේදනාවක් පැමිණෙන නිසා කොර ගසමින් ඇවිදිමට සිදුවීම හා ටික වෙලාවක් ඉදගෙන සිට නැගිටිමේදී වේදනාව ඇතිවීම මෙම රෝගයේදී දැකිය හැකි ප්‍රධාන ලක්ෂණයි.

Plantar fasciitis කියන්නේ මොකක්ද?
කකුලේ යටිපතුලේ තිබෙන plantar fascia නම් කන්ඩරා කොටස ප්‍ර්ධාහයට පත්වීම plantar fasciitis ලෙස හදුන්වනවා. plantar fascia කියන්නේ යටි පතුලේ වක්‍රතාවය පවත්වා ගැනීමට හා ඇවිදීමට උපකාරී වන කන්ඩරා කොටසක් වෙනවා. එමෙන්ම පොළවෙන් ඇතිවන පීඩනය දරාගෙන සිටීමත් මෙහි ප්‍රධාන කාර්යක්. පතුලේ ඇගිලි වල සිට විලුභ අස්ථිය දක්වා දිවෙන ඝනකම් පටල කිහිපයක් ලෙසට මෙම කන්ඩරාව සෑදී තිබෙනවා.

Plantar fascia ප්‍ර්ධාහයට පත්වන ආකාරය
මෙම කන්ඩරාව මතට අධික පීඩනයක් ඇතිවීම නිසා මෙය ප්‍රධාහයට පත්වීම සිදුවෙනවා. මෙම ප්‍රධාහ තත්වය ක්‍රමයෙන් මුළු කන්ඩරාව පුරා පැතිරී යනවා. ප්‍රධාහය ඇතිවූ ස්ථාන වල කැල්සියම් තැන්පත් වීම මගින් කන්ඩරාව තද බවට පත්වීම හා වේදනාව වැඩිවීම දක්නට ලැබෙනවා. කන්ඩරාව මතට අධික පීඩනයක් ඇතිවීමට පහත හේතු බලපානවා.

ස්ථුල තාවය, පාවහන් නිවැරදි නොවීම, යටිපතුලේ වක්‍රතාවය අඩුවීම, යටිපතුලට සිදුවී ඇති අනතුරු, වැඩිවෙලාවක් සිටගෙන සිටීම, පාදයේ කෙණ්ඩා කොටස තදවීම, දිවීම පැනීම වැඩි ක්‍රීඩා නිතරම සිදුකිරීම, කෙටි කාලයකින් බර වැඩිවීම

ප්‍රතිකාර
මෙහෙදී සදහන් කල යුත්තේ බොහොමයක් රෝගීන් කෙටිකාලින් වේදනාව පහවීම සදහා වේදනා නාශක injection ලබා ගනී. වේදනා නාශක injection මගින් වේදනාව අඩුකරන නමුත් පසුකාලීනව කන්ඩරාවේ තන්තුමය බව වැඩිවීමට(fibrosis) හා කන්ඩරාව දිරාපත් වීමේ වේගය(Degenaration) වැඩි කිරීමට හේතුවී නැවත ඉක්මනින් වේදනාව ඇතිවන බැවින් වේදනා නාශක injection ගැනීමෙන් වලකින්න.එනම් ඕනෑම සන්ධි වේදනාවකට ඔබ වේදනා නාශක injection ලබා ගැනීමෙන් වෙන්නේ ඔබගේ රෝගය තවත් උත්සන්න කර ගැනීමක් පමණකි.

නිවසෙදී පහත ප්‍රතිකාර සිදුකරන්න
මුලින්ම උදෑසන උණුවතුර ස්වල්පයකට ලුණු ස්වල්පයක් දමා සම්පුර්ණයෙන්ම කකුල් දෙක වැසෙන සේ දමා තබාගන්න. මෙය දිනපතා සතියක් පමණ කරන්න. උණුවතුර දැමීමෙන් පසු යටිපතුලේ රිදෙන ස්ථාන හොදින් මසාජ් කරන්න. ඉන්පසු බත්කේන්ද (calf muscles ) මත නාපිරිත්ත තෙල් හෝ මී තෙල් ගාලා පටක බුරුල් වන පොට්ටනියකින් තවන්න.ඉන්පසු හොදින් සම්බාහනය කරන්න. බලනහරය හා ඒ අවට ඉදිමීම පවතීනම් වාත විදුරංග සමග ශර්ෂ පාදී තෙල් ආලේප කර ඇට පොට්ටනියකින් තවන්න. රාත්‍රියට ලබුකාදී පත්තුව බදින්න උදේට ගලවන්න.

දේහ බර අඩුකර ගැනීමට ස්වායු ව්‍යායාම හා ආහාර පාලනය සිදුකරන්න. යටිපතුලේ වක්‍රතාවය අඩුනම් එය සකස් කිරීමට medial arch support යන කොටසක් පළදින්න. ඔබ බොහෝ වෙලාවක් සිටගෙන සිටිනවානම් පීඩනය අවශෝෂණයට silicon heel pad කොටසක් පළදින්න.

Post a Comment (0)
Previous Post Next Post