හැමදාම ලස්සන වෙන්න ඕනි ලස්සනවෙන්න ඕනි කියල හිතුවට හැමදාම කලේ ක්‍රීමි එකක් ගාලා ඔහේ හිටිය එක විතරයි නේද...?
අනිවාර්‍යෙන්ම මෙික කියවන්න... නොදැනුවත් කමින්
මුහුණේ ලස්සන නැති කරගන්න එපා...🖐🖐️
ලස්සනවෙන්න ඔනි කියල හිතුවට ලස්සන වෙන්න බෑ...ඒ විදියටනම්.... ක්‍රීම් විතරක් ගාලා විතරක් මදි......
1. දවසකට කී වතාවක් මූණ සෝදන්න අවශ්‍යද?
අනිවාර්යයෙන් දවසකට දෙපාරක් මුහුණ සෝදන්නම ඕන. රෑට නිදාගන්න කලින් මුහුණ සේදීමෙන් දවස පුරා රැඳෙන කුණු දූවිලි ඉවත් කරල මුහුණ පිරිසිදු කරනව.
ඒ වගේම උදෑසනට මුහුණ සේදීමත් අනිවාර්යයි. රාත්‍රිය පුරා මුහුණ මත ක්‍රියාකරන බැක්ටීරියා ඉවත් කරන්නත්, හිසකෙස් මුහුණේ ඇතිල්ලීමෙන් මුහුණ මත තැවරෙන හිසකෙස් වල ස්වභාවික තෙල් ඉවත් කරන්න වගේම රාත්‍රී නින්දට පෙර ආලේප කරන ක්‍රීම් ඉවත් කරන්නත් මේ සේදීම කරන්නම ඕන.
මීට අමතරව ඝර්ම කලාපීය රටක ජීවත් වෙන අපිට නිතර දාඩිය දාන එක පොදු කාරණයක්. මේ නිසා මුහුණට දාඩිය දාන වෙලාවට ක්ලෙන්සර් හෝ ෆේස්වොශ් එකක් භාවිතා නොකර සාමාන්‍ය වතුරෙන් මුහුණේ රැඳෙන දාඩිය සෝදාහරින්න.
2. මුහුණ සෝදන වතුරේ උෂ්ණත්වය
එක එක්කෙනාගෙ සම එක එක විදියයි. අධික තෙල් සහිත, තෙල් සහිත, වියළි, සාමාන්‍ය සහ මිශ්‍ර සම කියල අපිට ඕව වෙන්කරන්න පුළුවන්. මේ මොන විදියේ සමක් හිමි කෙනෙක් උනත් තද රස්නය හෝ තද සීතල වතුරෙන් මුහුණ සෝදන එක සමට සුදුසු නැහැ. ඕනම සමකට ගැලපෙන වතුර තමයි ලූක්වෝර්ම් නැත්නම් ඇල්මැරුණ රස්නය ඇති වතුර. අතේ පිටි අල්ල දාන්න පුළුවන් තරම් යන්තම් රස්නයෙන් වතුර පාවිච්චි කරන්න. ඊට වැඩි රස්නය ඇති වතුරෙන් සමේ ස්වභාවික තෙල් තට්ටුව ඉවත් වෙලා සම වියලවන්න පුළුවන්. පමණට වඩා සීතල වතුරෙනුත් සමට හානි සිද්ධ වෙනව සහ නිසි ලෙස පිරිසිදු වීමක් වෙන්නෙ නෑ.
3. පාවිච්චි කරන ෆේස්වොශ් එක නැත්නම් ක්ලෙන්සර් එක
කලින් කිව්ව වගේ විවිධාකාර සම් වර්ග අනුව ගැලපෙන නිෂ්පාදන වෙළඳපොළේ තියෙනව. ඔබේ සමට ගැලපෙන ෆේස්වොශ් එකක් භාවිතයට ගන්න. තෙල් සහිත සමක් ඇති කෙනෙක්ට ජෙල් සහ ෆෝම් ආකාරයෙන් එන ක්ලෙන්සර් හෝ ෆේස්වොශ්ද, සාමාන්‍ය සමක් ඇති කෙනෙක්ට වෝටර්බේස්ඩ් ක්ලෙන්සර් හෝ ෆේස්වොශ්ද සුදුසුයි. වියළි සමක් ඇති කෙනෙක්ට ක්ලෙන්සින් ඔයිල් හෝ බාම් නිෂ්පාදනයක් පාවිච්චි කරන්න පුළුවන්.
4. ක්ලෙන්සර් හෝ ෆේස්වොශ් භාවිතයේදී මේ ගැනත් හිතන්න
මුහුණ සෝදනවා කිව්වම රෙදි සෝදනවා වගේ හොඳට අතුල්ලල සෝදන්න සුදුසු දෙයක් නෙවෙයි මුහුණේ සම කියන්නෙ. ක්ලෙන්සර් හෝ ෆේස්වොශ් භාවිතයේදී ඇඟිලි තුඩුවලින් පමණක් මුහුණ කවාකාරව සිනිඳුව අතුල්ලන්න. නිය පොතු වලින් සම සූරමින් තදින් ඇතිල්ලීමෙන් සමට හානි වෙන්න පුළුවන්. නැත්නම් වොශ්ක්ලෝත් එකක් හෝ මුහුණේ සම පිරිසිදු කරන්න ගන්න ස්පොන්ජ් එකක් භාවිතා කරන්නත් පුළුවන්. සම මතුපිටින් පිරිමැදීම මිසක් සමට හානි වෙන විදියට තදින් ඇතිල්ලීම කිසිම වෙලාවක නොකළ යුතූයි.
5. මුහුණ පිස දැමීම
අනිවාර්යයෙන් ඔබ මුහුණ පිසදාන්න ගන්න තුවාය හොඳින් සෝදා පිරිසිදු කරගත් වියළි මෘදු එකක් වෙන්න ඕන. තදින් වියළුනු සහ ඝණකම රෙදි වලින් සමට හානි වෙන්න පුළුවන්. ඒ වගේම අපිරිසිදු තුවා වලින් මුහුණ මත බැක්ටීරියා තැන්පත් වී කුරුලෑ ආසාදන ඇති වෙන්නත් පුළුවන්. මුහුණ පිහිදන තුවාය තමන් පමණක් පාවිච්චි කරන එකක් වගේම මුහුණ පිස දැමීමටම වෙන් වූ එකක් වෙන්න ඕන.
6. සේදීමෙන් පසු
මුහුණ සේදුවට පස්සෙ ටෝනර් එකක් සහ මොයිස්චරයිසර් එකක් පාවිච්චි කරන එක පුරුද්දට තියාගන්න එකත් සමේ නිරෝගීකමට වගේම සුන්දරත්වයට බලපානව. ක්ලෙන්සර් එකකින් හෝ ෆේස්වොශ් එකකින් සම පිරිසිදු කරාට පස්සෙ සම මත තෙතමනය රඳවාගන්නත් සමට ආරක්ෂාව සපයන්නත් මේ නිෂ්පාදන දෙකට පුළුවන්.
මෙි දේවල් ගැනත් හිතන්න...
එහෙනම් තවත් ලිපියකින් ඉක්මනින් එන්නම්...